History

විද්‍යාලීය ඉතිහාසය
ගාල්ල මාපලගම ශාක්‍යසිංහාරාමාධීපතිව වැඩ විසු අතිපූජ්‍ය මාපලගම සිරිසුනන්ද හාමුදුරැවන් වහන්සේගේ හා රාජකීය පණ්ඩිත,
අතිපුජ්‍ය සිරිසාගර හිමියන්ගේ මුලිකත්වයෙන් ක්‍රි.ව 1951 වු ජුලි මස 1 වන දින ඇතුමලේ ශාක්‍යසිංහාරාම විහාරස්ථ ධර්ම ශාලාව හෙවත් වත්මන් ඇතුමලේ විද්‍යාතිලක පිරිවෙන් විහාරස්ථ ධර්ම ශාලාවේදී අප පාසල ආරම්භ කරන ලදී.

එවකට අප පාසල ගා/ඇතුමලේ කනිෂ්ඨ විද්‍යාලය ලෙස නම් තැබූ අතර,පළමු විදුහල් පතිවරයා වුයේ එම්.එම්.පෑලිස් සිං‍‍‍ඥෝ මහතාය.එක් ගුරුවරයකුගෙන් හා ළමුන් විසි දෙනෙකුගෙන් සමන්විතව ඇරඹි අප පාසල,පාසලේ නිර්මාතෘන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් ක්‍රි.ව.1978 නොවැම්බර් මස 08 වන දින ගා/මාපලගම සිරිසුනන්ද විද්‍යාලය ලෙස නම් කරන ලදී.

මෙසේ කෙමෙන් කෙමෙන් දියුණුවේ පියවර තැබු අප පාසල වත්මන් තත්වය කරා ගෙන ඒමට වසර 28කට අධික කාලයක් ළමුන්ගේ නැණ පහන් දැල්වීමට ප්‍රදීපයක් වු හිටපු ගරු විදුහල්පති ආරියදාස ගොඩගම මැතිදුන් විදුහල්පති තනතුර බාරගත් මුල් අවධ්යේම අප පාසල ගා/මාපලගම සිරිසුනන්ද මහා විද්‍යාලය ලෙස නම් කරන ලදී.


එමෙන්ම 1980 වර්ෂය ආරම්භයේදීම අප පාස‍ලේ 6 වන ශ්‍රේණියත් 1991 ජුනි මස 14 වන දින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්තින් ආරම්භ කරන ලදී. මෙලෙසින් පාසලේ අභිවෘද්ධිය උදෙසා දූරදර්ශිව කටයුතූ කල ආරියදාස ගොඩගම මැතිදුන් විශ්‍රාම දිවියට එලඹිමෙන් අනතූරැව විදුහල්පති ධුරය දරන ලද්දේ යූ.කේ.පුණ්‍යසිරි මැතිදුන්ය.





මෙලෙසින් දකූණු ලකේ අගනගරේ ගාලු පුරවරයේ කීර්තිමත් පාසලක් බවට අප පාසල පත් කිරිමට අමිල මෙහෙයක් ඉටු කිරීමින් සුනන්දයේ දුවා දරැවන්ගේ දක්ෂතා කලාපීය මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා ඔප්නැංවීමට සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන වත්මන් විදුහල්පති වනුයේ වසන්ත දොඩංගොඩ මැතිදුන්ය.

වර්තමානය වන විට ළමුන් 2140ක්, අකූරු කරනා සුනන්දයේ දුවා දරුවන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීමේ පරමාර්ථය යථාර්ථයක් කර ගැනුම උදෙසා විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය,සුනන්ද මාධ්‍ය සංසදය,පාසල් විවාද කණ්ඩායම,පරිසර නියමු කණ්ඩායම,පෙරදිග හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම,විද්‍යාලීය ප්‍රථමාධාර ඒකකය,පාසල් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පාසල තුල පිහිටුවා ඇත
.